Spread the love


නිමල් රාජපක්ෂ-


වෙසක් පුන් පොහොය වෙනුවෙන් මේ මස 12 වැනිදින සිට 14 දක්වාවු දින 3ක් සියළුම සුරාසල් වසා තබන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසයි.
අදාල කාලසීමාව තුළ බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් ජාවාරම් සිදු කරන්නේ නම් හෝ නීති විරෝධි මත්පැන් ජාවාරම සිදු කරන්නේ නම් 1913 දුරකථන අංකයට හෝ0112877688 යන ෆැක්ස් අංකයට ෆැක්ස් කරන ලෙසත් ,oicoptroom@excise.gov.lk යන විද්යුත් තැපෑල වෙත දිවයින පුරා පිහිි සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකක වෙත දැනුම් දෙන ලෙස ත් දැනුම් දෙන අයගේ රහස්‍ය භාවය රකින බවත් සුරාබදු‌ දෙපාර්තුමේන්තුව පවසයි