Spread the love

අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණය  වෙත භාර වී තිබේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා එලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබිණ.

මෙම සිද්ධියට අදාලව හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා ද රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.