Spread the love


නිමල් රාජපක්ෂ-..

වෙසක් පොහොය දිනයේ(30) අහංගම , හික්කඩුව හා මිරිස්ස යන ප්‍රදේශවල සිදු කල සෝදිසි මෙහෙයුම් වලදි නීති විරෝධි ලෙස මත්පැන් ජාවාරමේ නිරත සැකකරුවන් 25 දෙනෙකු සමගින් රුපියල් ලක්ෂ දෙකක් වටිනා මත්පැන් තොගයක් දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.


මෙවර වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා සියළුම සුරාසල් 30 , 31 දින වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා නියෝග කොට තිබිණ .

අදාල කොන්දේසි කඩ කරමින් මත්පැන් ජාවාරමේ නියුතු කිසිදු පුද්ගලයකුට සමාවක් නොදෙන බවත් තරා තිරම නොබලා දැඩිව නිතිය ක්‍රියාවට නැංවීමට සුරාබදු දෙපාර්තුමේන්තුව තීරණය කර ඇත.


ඒ අනුව වෙසක් පොහෝදින සිදු කල මෙම සෝදිසි මෙහෙයුමේදි නීති විරෝධී මත්පැන් අලෙවි කිරිමට සුදානම් කරමින් සිටි සැකකරුවන් 8 දෙනෙක්ද , බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු විකුණු ආපනශාලා 16 කොටුකර ගැනීමට හැකිවි තිබේ.


මීට අමතරව අහංගම ප්‍රදේශයේ බලපත්‍ර ලත් ආපනශාලාවක බලපත්‍ර කොන්දේසි උල්ලංගනය කරමින් මත්පැන් අලෙවි කරමින් සිටියදී කොටුකර ගත් අතර දකුනු පලාත් සහකාර සුරාබදු කොමසාරිස්තුමා ගේ උපදෙස් මත ඒ මොහෙතේම සිල් තැබීමට පියවර ගත්බව දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.


අදාල බලපත්‍ර ලාභියට කාර්මික අපරාධ වාර්තා ලබා දී ඇති අතර ඉදිරියේදී දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමිත් චන්ද්‍රකුමාර මහතා වෙත ඉදිරිපත් කොට පෙරවැරදි සලකා බලා සමථ ගාස්තු නියම කිරිමට නියමිතය.


අනික් සැකකරුවන් 25 දෙනාට සුරාබදු ඇපමත මුදාහැර ඇති අතර ඉදිරියේදි මාතර, ගාල්ල හා බලපිටිය යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමිත් චන්ද්‍රකුමාර මහතාගේ උපදෙස් මත, සුරාබදු අධිකාරීවරුන්වන බුද්ධික චමින්ද හා වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන්, දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති මංජුල ලියනආරච්චි මහතාගේ අධික්ෂණයෙන් , සුරාබදු පරීක්ෂකවරුන් වන ලක්ෂාන් පෙරේරා,අසංක කල්‍යානප්‍රිය, උදාර සම්පත්, සුරාබදු සැරයන් මේජර් විරාජ් හේමපාල, සුරාබදු කෝප්‍රල්වරුන් වන 980 ඉන්දික, 1108 හර්ෂනාත් සුරාබදු නියාමකවරුන් වන 1252 හසිඳු හා චරිත් හා සුරාබදු නියාමක රියදුරන් වන ලක්මාල් හා චන්දන යන නිලධරීහු මෙම වැටලීම් සිදු කළහ.