Spread the love

නිමල් රාජපක්ෂ-.

වෙසක් මාසය තුළ මිරිස්ස , හික්කඩුව , අහංගම , බැරගම, බරවකුඹුක, තල්ගස්වල, මාමඩල හා අම්බලන්ගොඩ යන ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදි නීකි විරෝධී මත්පැන් ජාවාරමේ නිරත සැකකරුවන් 146 දෙනෙකු වටලා එයින් කොටසන් මේ වනවිට අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් දෙළොස් ලක්ෂ අනුදාස් පන්සියයක (12 90 500-)දඩ ආදායමක් රජයට ලබා දීමට දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් එකකයේ නිලධාරින් සමත්වි ඇත.


මෙහිදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 13 ක් , මත්පැන් අලෙවියට ළඟ තබාගෙන සිටි සැකකරුවන් 100 ක්, අරක්කු ළඟ තබාගෙන සිටි 1ක් , රා ළඟ තබාගෙන සිටිි සැකකරුවන් 2 ක් කොටුකරගෙන තිබිණ.


වෙරල කලාපයේ මිරිස්ස , හික්කඩුව හා අහංගම ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව විදේශීය මත්පැන් අලෙවි කල ආපනශාලා 19 ක් ද කොටු කර ගැනීමට දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත්වී ඇත.


අදාල මත්පැන් නිෂ්පාදනාගාර හා අලේවියට ළඟ තබා සිටි 113 දෙනාගෙන් කසිප්පු ස්ප්‍රිතු ලීටර් 2753 ක්, ගෝඩා 13500 ක් ,දගර 13 ක් , බැරල් ඇතුලු උපකරණ තොගයක් ද , ආපනශාලාවලින් විදේශිය මත්පැන් ලීටර් 362 ක්ද සොයාගත් බව දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.

වෙ
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කොටසක් මේවනවිට හම්බන්තොට , මාතර , ගාල්ල යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් දෙළොස් ලක්ෂ අනුදාස් පන්සියයක (12 90 500-)දඩ මුදලක් අයකරගෙන ඇත. ඉදිරි සැකකරුවන් සුරාබදු ඇපමත මුදාහැර ඇති අතර ඉදිරියේදි මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමිත් චන්ද්‍රකුමාර මහතාගේ උපදෙස් මත, සුරාබදු අධිකාරී වසන්ත සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන්, දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති මංජුල ලියනආරච්චි මහතාගේ අධික්ෂණයෙන් , සුරාබදු පරීක්ෂකවරුන් වන ලක්ෂාන් පෙරේරා,අසංක කල්‍යානප්‍රිය, උදාර සම්පත්, සුරාබදු සැරයන් මේජර් විරාජ් හේමපාල, සුරාබදු කෝප්‍රල්වරුන් වන 980 ඉන්දික, 1108 හර්ෂනාත් සුරාබදු නියාමකවරුන් වන 1252 හසිඳු හා චරිත් හා සුරාබදු නියාමක රියදුරන් වන ලක්මාල් හා චන්දන යන නිලධරීහු මෙම වැටලීම් සිදු කළහ.