නිමල් රාජපක්ෂ-
වෙසක් පොහොයට සමගාමීව උතුරු මැද පලාතේ සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්. ඒ. පේමරත්ත මහතා මැයි මස 27 වැනි දින සිට ජුනි 2 දා දක්වා ක්‍රියාවට නැංවු විශේෂ ග්‍රහන සතිය යටතේ සිදු කල සෝදිසි මෙහෙයුම් ව වලදි රුපියල් ලක්ෂ ගණනක් විටිනා නීති විරෝධි මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 105 දෙනෙකු උතුරු මැද පලාතේ සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුජා නගරය ආවරණය වන පරිදි , මධ්‍යම නුවර ගම් පලාත , නැගෙනහිර නුවර ගම් පලාත, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වල දියත් කල මෙහෙයුම් මගින් නීති විරෝධීව මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර හතරක් , දගර හතරක් හා පෙරණ උපකරණ තොගයක්ද , නිති විරෝධී මත්පැන් ළග තබාගෙන සිටි සැකකරුවන් 81 ක් අනුරාධපුරයෙන්ද , හෙරොයින් ළගතබාගෙන සිටි අයෙක් ද , පොලොන්නරුව ප්‍රදේශයෙන් නිති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් 23 ක්දෙනෙක්ද කොටුකර ගැනීමට උතුරු මැද පලාත් සුරාබදු නිලධාරින් සමත්වු බව අනුරාධපුර සුරාබදු අධිකාරී චින්තක උඩපමුණුව මහතා පවසයි.
අත්අඅඩංගුවට ගත් සැකකරුවන් සුරාබදු ඇපමත මුදාහැර ඇති අතර ඉදිරියේදි කැබිතිගොල්ලැව , අනුරාධපුර හා පොලොන්නරුව යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරිමට නියමිතිය.
මෙම සෝදිසි මෙහෙයුම් වලදි බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කල රටබීම හල් හතරකට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කොට තිබේ.
ඉදිරියේදී අදාල බලපත්‍ර ලාභීන් සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්. ඒ. පේමරත්ත මහතා වෙත හෝ උතුරු මැද පලාත් සහකාර සුරාබදු කොමසාරිස් නාලක මලවි පතිරණ මහතා වෙත ඉදිරිපත් කොට ඹවුන්ගේ පෙරවැරදි සලකා බලා සමථ ගාස්තු නියම කිරිමට නියමිතය.
උතුරු මැද පලාත් සහකාර සුරාබදු කොමසාරිස් නාලක මලවි පතිරණ මහතාගේ උපදෙස් මත, අනුරාධපුර සුරාබදු අධිකාරී චින්තක උඩපමුණව , පොලොන්නරුව සුරාබදු අධිකාරී කලාරසික විජේසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ , අනුරාධපුර සුරාබදු ස්ථානාධිපති අජිත් වර්නකුලසුරිය , කැබිතිගොල්ලෑව සුරාබදු ස්ථානාධිපති චම්පික දිසානායක, අනුරාධපුර විශේෂ මෙහෙයෙුම් ඒකකයේ ස්ථානාධිපති අසෝක තිලකරත්න , පොලොන්නරුව සුරාබදු ස්ථානාධිපති සංජීව කුමාරසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවිමෙන් අදාල සුරාබදු ස්ථානවල නිලධාරීහු මෙම වැටලීම් සිදු කළහ.
