Spread the love

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් අද (18) කොළඹ දී විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වූ සැණින් වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා එම වෛද්‍ය පීඨ ශිෂ්‍ය කියාකාරි කමිටුවේ නියෝජිතයින් පිරිසක් අද (18) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයට කැඳවා දීර්ඝ වශයෙන් කරුණු සොයා බැලීමක් සිදු කරන ලදි.

මෙහිදී උපාධිය සම්පූර්ණ කළ වෛද්‍ය සිසුන් සීමාවාසික පුහුණුවට බඳවා ගැනීම, නව පත්වීම් ලබාදීම, වෛද්‍ය සේවාවන් ඇතූළු සෞඛ්‍ය සේවාව පූළුල් කිරීමට අදාළ කරුණු රැසක් ඉදිරිපත් කරනු ලැබීය.

මීට අමතරව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු නියෝජිතයින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව ඉදිරිපත් කළ අනෙකුක් කරුණු පිළිබඳව ද අමාත්‍යවරයා අදාළ නිලධාරීන් ද සම්බන්ධ කර ගනිමින් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළහ.

එමෙන්ම ඉදිරිපත් වූ ගැටළු පිළිබඳව අදාළ අංශයන්හි අවධානය යොමු කිරීමටත් ගත යුතූ ඉදිරි පියවරයන් පිළිබඳවත් නිලධාරීන් සහ අදාළ අංශ සමග තවදුරටත් සාකච්ඡා කිරීමටත් මෙහිදී අමාත්‍යවරයා සිය එකඟතාව ප්‍රකාශ කරන ලදි.

මෙම සාකච්ඡාව සඳහා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයින් පිරිසක් සහභාගි වූ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් අතිරේක ලේකම් (පාලන) I ජී.එමි ජනක කිත්සිරි, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය එච්. එමි. අර්ජුන තිලකරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.