Spread the love

දකුණු අප්‍රිකාවට එරෙහි දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 109ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (9) සිදුවිය.

දකුණු අප්‍රිකාව ලබාදුන් ලකුණු 348ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 69.1කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 238ක් පමණි.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ මෙම තරගාවලිය තරග 2-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

සිව්වන දිනයට ඊයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 205ක් රැස්කරගෙන ජයග්‍රහණයට ලකුණු 143ක් පසුපසින් සිටියේය.