අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල දිගින් දිගටම ඉහළ ගියහොත් ලබන සතිය වන විට 25% කින් ආපන ශාලාවල ආහාර මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගම යේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසයි.
රජය අපහසුතාව පත් කිරීමට හෝ පාරිභෝගික ජනතාව සම්බන්ධයෙන්ද අපහසුතාවට පත් කිරීමට බලාපොරොත්තු නොවන බවත්, නමුත් මෙම සතියෙන් පසු මිල ගණන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි ඹහු පැවසුවේ.
දිගින් දිගටම බඩු මිල වැඩි වන බවද, ඒවා සඳහා විසඳුම් ලබාදිය යුතු බවද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
