Spread the love

නුවරඑළිය දෙස සිට කොළඹ දක්වා ගමන්ගත් ඉන්දීය සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් යටියන්තොට තණකොලවත්ත ප්‍රදේශයේදී මාර්ගය අසළ සිටි මවක් හා දරු දෙදෙනකු බස් රථයේ හැපීමේන් මව ජිවිතක්ෂයට පත්වී තිබේ. දරු දෙදෙනා තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇතැයි වාර්තාවෙයි.

සිද්ධිය වී ඇත්තේ අද (20) පස්වරුවේය..

මෙලෙස ජිවීතක්ෂයට පත්ව ඇත්තේ සිය දරුවන් දෙදෙනා උපකාරක පංති යැවීම සඳහා මාර්ගය අසළ රැදී සිටි 40 හැවිරිදි කාන්තාවකි.

එමෙන්ම බස් රථයේ ගමන්ගත් ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු ද මෙම අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන් වේ. 

සිද්ධිය සම්බන්ධයෙන් යටියන්තොට පොලිසීය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.