Spread the love

මෙරට ක්‍රියාත්මක ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර සේවාවන් වඩාත් ඵළදායී ලෙස සහ සැළසුම් සහගත ලෙස පවත්වා ගෙන යාම සදහා එම විෂයට අදාළ විශේෂඥයන්ගේ සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ විද්වත් කතිකාවතක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (19) කොළඹ පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයේ දී පැවැත්විණි.

ආයුර්වේද වෛද්‍ය සේවාව ලබා ගන්නා මෙරට ජනතාව මෙන්ම එම සේවාවේ නියුතු සෞඛ්‍ය වෘත්තියන්, පරිපාලයන්, නියාමකයන් සහ ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළ වූවන් විසින්ම ආයුර්වේද සේවාව ඇගයීමකට ලක්කරමින් මෙරට ජීවත්වන ජනතාව හා බද්ධ වූ ගුණාත්මක, විධිමත් කාර්යක්ෂම සේවාවක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍යවන ඉදිරි සැලසුම්, යෝජනා සහ මාර්ගෝපදේශ පිළිබදව මෙහි දී පුළුල් කතිකාවතක නිරත විය.