නිමල් රාජපක්ෂ-
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ලෙස පෙනී සිටිමින් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් දුරකථන ඇමතුම් ලබාදී මුදල් ඉල්ලීම් සහ වෙනත් වංචනික ක්‍රියාකාරකම් සිදුකරන බවට පැමිණිලි ලැබී ඇත.
මෙවැනි පුද්ගලයන්ට කිසිදු මුදලක්, පුද්ගලික තොරතුරු හෝ ලේඛන ලබා නොදෙන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
සැක සහිත දුරකථන ඇමතුම්, පණිවිඩ ඇත්නම්, ආසන්නතම පොලිස් ස්ථානයට හෝ අදාළ අංශ වෙත වහාම දැනුම් දෙන්න.
