නිමල් රාජපක්ෂ
සීට් බෙල්ට් පැළඳීම මගින් ජීවිත ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලට මගීන් කැමැත්ත ප්‍රකාශ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
සීට් බෙල්ට් නීතිය සම්බන්ධයෙන් ස්ථාන කිහිපයක දී මගීන් සමග අමාත්‍යවරයා අදහස් හුවමාරු කරගත්තේ ය. එහි දී ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ වූ බව මාකුඹුර අධිවේගී මාර්ග පිවිසුමේ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා පැවසී ය
. මාර්ග ආරක්ෂාව තහවුරු කරමින් ජීවිත ආරක්ෂා කිරීම රජයේ අරමුණයි. ඒ සඳහා වූ වැඩපිළිවෙළ අදියර කිහිපයකින් ක්‍රියාවට නැංවෙයි.

ශ්‍රී ලංකාවේ රිය අනතුරුවලින් වැඩි මරණ සංඛ්‍යාවක් සිදු වන්නේ යතුරුපැදි අනතුරට ලක්වීමෙනි. ඒ නිසා හෙල්මට් වල ප්‍රමිතිය සම්බන්ධයෙන් නව ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානමින් සිටී.
හෙල්මට් නිෂ්පාදකයන් සහ ආනයනකරුවන් සමග ඉදිරියේ දී සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා පවසයි. ත්‍රිරෝද රථවල ගමන් කළ හැකි සංඛ්‍යාව පිළිබඳ දැනටමත් නීති තිබේ.
ඒවා ක්‍රියාත්මක කිරීම වැදගත් බව බිමල් රත්නායක මහතාගේ අදහසයි. මාර්ග ආරක්ෂාව තහවුරු කරමින් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළ ආදරයෙන් සහ අවබෝධයෙන් යුතුව ක්‍රියාවට නංවන බවටද අමාත්‍යවරයා සහතික වූයේ රියදුරන් සහ මගීන් වෙත දැනුවත් කිරීමේ අත් පත්‍රිකා බෙදා දීමෙන් පසුවයි.
දැනුවත් කිරීමේ වැඩසටහන මාකුඹුර අධිවේගී පිවිසුමේදී අද පස්වරුවේ සිදු කෙරිණ.
