Spread the love

නිමල් රැාජපක්ෂ-

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස එම්. කේ. සමන් ශ්‍රී රත්නායක මහතා පත් කරනු ලැබ තිබේ.

එහි සෙසු සාමාජිකයන් ලෙස එම්. බී. රෝහණ පුෂ්පකුමාර සහ කේ. තවලිංගම් යන මහත්වරු පත් කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඔවුන් වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24) පස්වරුවේ භාරදෙන ලදී.

සීමා නිර්ණය කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ ධුර කාලය අවසන් වීම මත පුරප්පාඩු වී පැවති ධුර සඳහා අදාළ පත්වීම් සිදු කර තිබේ.