Spread the love

නිමල් රාජපක්ෂ


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කල ආචාර්ය (ඉංජිනේරු) ආසිරි කරුණාවර්ධන මහතා අද දින (2026.07.24) නිල වශයෙන් රාජකාරි ආරම්භ කලේය. ඒ කොස්වත්ත, බත්තරමුල්ල, ‘මග නැගුම මහමැදුර’ පිහිටි අමාත්‍යංශ ලේකම් කාර්යාලයේ දී ය

මීට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRI) අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කල ආසිරි කරුණාවර්ධන මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකු වන අතර, ජපානයේ කියතෝ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇත…!

රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු, සහකාර ලේකම්වරු ඇතුළු නිලධාරීහුද, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ගමනා ගමන කොමිසන් සභාව ඇතුළු අමාත්‍යංශය යටතේ පවතින ආයතන නියෝජනය කරමින් නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ…!