පොළොන්නරුව – මඩකලපුව ප්රධාන මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුතු සිදුකිරීම පොළොන්නරුව දුම්රිය මාර්ග අංශයේ දුම්රිය නිලධාරීන් හා සේවකයින් ආරම්භ කර ඇත.
ඒ අනුව, එම කටයුතු වේගවත්ව සිදු කිරීම සඳහා යුද හමුදාවේ විශාල පිරිසකගේ සහයෝගය ලැබී ඇති බවයි සඳහන් වෙන්නේ.
පොළොන්නරුව – මඩකලපුව ප්රධාන මාර්ගයේ ගල්ලෑල්ල හා මනම්පිටිය අතර ප්රදේශයේ දුම්රිය මාර්ගයේ සැතපුම් දෙකක් පමණ කොටසකට දැඩි හානි සිදු වී තිබෙන බව දුම්රිය මාර්ග අංශයේ නිලධාරීන් සඳහන් කලේය.
දුම්රිය මාර්ග සේවකයින්ගේ දැඩි කැපවීම මත හා යුද හමුදා නිලධාරීන්ගේ ශ්රම දායකත්වයෙන් මේ වන විට එහි සැලකිය යුතු කොටසක වැඩ අවසන් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ
