Spread the love

මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වූ මස් කි.ග්‍රෑ. 12,000ක ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින්  ඊයේ (7) මුද්‍රා තබන ලදී. 

එ අනුරාධපුර ගංවතුරට හසුවු සත්ත්ව ගොවිලක ගංවතුරට හසුවු තිබු මස් තොගයක් බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකයට (1926 ) ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේ දී මෙම මස් තොගය සොයා ගත් බවත් , අදාළ සත්ත්ව ගොවිපොළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පරික්ෂාවට ලක්කර, එම මස් තොගය මුද්‍රා තැබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා පැවසීය.

ඒ අනුව එම මස්වල සාම්පල අද (8) රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමට නියමිතය.