Spread the love

හැකි පළමු මොහොතේදීම තෙල් මිල අඩු කර, ජනතාවට ලොකු සහනයක් දීම රජයේ අපේක්ෂාව බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ පිරිපහදු කළ තෙල් මිල උච්චාවචනය වෙමින් පැවතුණ ද, සමස්ත වැඩිවීම ජනතාව මත පැටවීමට කටයුතු නොකළ අතර, රජය ඉන් යම් කොටසක් දරාගත් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

තෙල් මිලදී ගැනීමේදී මිල තීරණය වීම රජයේ පාලනයෙන් තොර කටයුත්තක් වන නමුත්, රජයේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ අඛණ්ඩ තෙල් සැපයුම සහතික කිරීම බවත්, විදුලි නිෂ්පාදනයට, කර්මාන්ත පද්ධතිය පවත්වාගෙන යාමට, වාහන ධාවනයට මෙන්ම ජනතාවගේ එදිනෙදා කටයුතු වෙනුවෙන් මෙලෙස අඛණ්ඩ ඉන්ධන සැපයුම සහතික කිරීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙය කොවිඩ් වැනි තත්ත්වයකට වඩා අභියෝගාත්මක තත්ත්වයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

එහෙත්, එකදු කර්මාන්තයක් හෝ නිෂ්පාදනයක්වත් අඩාල කර ගැනීමකින් තොරව, දෛනික ජීවිතය කළමනාකරණය කරගනිමින් රජය කටයුතු කරන බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.