නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය තුළ සිය ව්‍යාපාරික ගමන්මඟේ නව පරිච්ඡේදයක් අරඹමින්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අග්‍රගණ්‍ය ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරිය මහතා සිය සන්නාම තානාපතිවරයා ලෙස පත් කරගත් බව Global Housing & Real Estate (Pvt) Ltd (GHR) සමාගම නිවේදනය කරයි. මෙම සුවිශේෂී හවුල්කාරිත්වය GHR සමාගමේ ඉදිරි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
“වෙනසෙහි නියමුවන් දෙදෙනෙක්, නව ආරම්භයක්” (Two Gamechangers, A New Beginning) යන තේමාව යටතේ, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, ආයෝජකයන් සහ මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් 2026 සැප්තැම්බර් 14 වැනිදා කොළඹ Cinnamon Life හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම හවුල්කාරිත්වය නිල වශයෙන් එළිදක්වන ලදී.
මෙම සුවිශේෂී හවුල්කාරිත්වය තුළින්, තම තමන් නියෝජනය කරන ක්ෂේත්‍රවල සාම්ප්‍රදායික සීමාවන් අභිබවා නව මංපෙත් විවර කළ නාමයන් දෙකක් එක් වේ. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිය නිර්භීත හා ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව තුළින් ක්‍රීඩාවේ ස්වභාවය නව මානයකට රැගෙන ගිය සනත් ජයසූරිය මහතා සහ ශ්‍රී ලංකාවේ දේපළ ආයෝජන හා සුඛෝපභෝගී ජීවන රටාව සඳහා නව ප්‍රවේශයන් හඳුන්වා දෙමින් ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා නිර්මාණය කිරීමට කැපවී සිටින GHR සමාගම මෙලෙස අත්වැල් බැඳ ගනියි.
පසුගිය දශක දෙක පුරා, ගුණාත්මකභාවය, ව්‍යුහාත්මක ශක්තිමත්භාවය සහ දිගුකාලීන ආයෝජන වටිනාකම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරමින් GHR සමාගම ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය තුළ සිය ස්ථාවරත්වය තහවුරු කරගෙන ඇත.
සමාගමේ ව්‍යාපාරික ගමන්මඟේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2016 වසරේදී GHR සමාගම ශ්‍රී ලංකා වෙළෙඳපොළ වෙත හෝටල් රෙසිඩන්සි සංකල්පය (Hotel Residency Concept) හඳුන්වා දෙන ලදී. සුඛෝපභෝගී ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය සහ දේපළ ආයෝජනය නව්‍ය ආකාරයකින් ඒකාබද්ධ කළ මෙම සංකල්පය, දේපළ හිමිකාරිත්වයේ අවස්ථාව ලබාගැනීමත් සමඟ ආයෝජන ප්‍රතිලාභ අත්කර ගැනීමේ හැකියාව ද ආයෝජකයන් වෙත විවෘත කළේය.
මෙම නව්‍ය ආයෝජන ආකෘතිය, දේපළ ආයෝජකයින් සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ වර්ධනයට වැදගත් දායකත්වයක් ලබා දී ඇත. එතැන් සිට, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංචාරක ගමනාන්ත කේන්ද්‍ර කරගනිමින් සිය දේපළ සහ ව්‍යාපෘති තවදුරටත් පුළුල් කිරීමට GHR සමාගම කටයුතු කරමින් සිටියි.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් Global Housing & Real Estate (Pvt) Ltd හි සභාපති දසුන් වික්‍රමරත්න මහතා මෙසේ පැවසීය.
“වසර විස්සකට අධික කාලයක් පුරා Global Housing & Real Estate සමාගම, ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ සීමාවන් පුළුල් කරමින් නව මානයන් කරා එය රැගෙන යාමට අඛණ්ඩව කැපවී සිටිනවා. 2016 වසරේදී මෙරටට හෝටල් රෙසිඩන්සි සංකල්පය හඳුන්වා දුන් පුරෝගාමී සමාගමක් ලෙස, අපගේ අරමුණ සැමවිටම ඉතා පැහැදිලියි. එනම්, අපගේ ගනුදෙනුකරුවන් සඳහා ඉහළ ප්‍රතිලාභ ලබාගත හැකි ආයෝජන අවස්ථා නිර්මාණය කරන අතරම, ශ්‍රී ලංකාවේ සහාධිපත්‍ය දේපළ (Condominium) ක්ෂේත්‍රය නව මානයක් කරා රැගෙන යාමයි.”
සනත් ජයසූරිය මහතා සමඟ මෙම හවුල්කාරිත්වයට එළඹීමට ගත් තීරණය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් දසුන් වික්‍රමරත්න මහතා මෙසේ පැවසීය. “GHR සමාගමේ දැක්ම සහ වටිනාකම් නියෝජනය කිරීම සඳහා සුදුසුම පෞරුෂයක් පිළිබඳව සලකා බැලීමේදී, සනත් ජයසූරිය මහතා අපගේ තේරීම බවට පත්වුණා. සනත් ජයසූරිය මහතා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සාම්ප්‍රදායික සීමාවන් අභියෝගයට ලක් කරමින්, ආරම්භක පන්දුවාර කිහිපය පිළිබඳ ලෝකයේ පැවති දැක්ම පවා නව මානයකට රැගෙන ගියා. ඒ ආකාරයෙන්ම GHR සමාගමද දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික ප්‍රවේශයන් අභිබවා යමින් මෙරට සුඛෝපභෝගී ජීවන රටාව සඳහා නව ප්‍රමිතියක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව මෙම හවුල්කාරිත්වය වෙනසෙහි නියමුවන් දෙදෙනෙක්, නව ආරම්භයක් ලෙස සැබෑ වෙනසක් නිර්මාණය කළ පාර්ශව දෙකක සුවිශේෂී එක්වීමක් සනිටුහන් කරනවා”
