නිමල් රාජපක්ෂ

ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍ර දෙවී සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර පිලී පැනීමක් සිදුව ඇත.

මෙසේ පිලි පැනීම සිදුව ඇත්තේ උදෑසන 8.40 පමණ බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි
සමුද්‍ර දේවී දුම්රිය පිලි පැනීම හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ 1සහ 2 වේදීකාවට දුම්රියයන් ගැනීමට බාධා ඇතිවි තිබේ.
තවද කොළඹ කොටුව බලා ධාවනය වන ප්‍රධාන මාර්ගයේ හා පුත්තලම් මාර්ගයේ සියළුම දුම්රියයන් කොටුව දුම්රිය ස්ථානයට ගැනීමට මේ වනවිට පියවර ගන්නා බවද දුම්රිය දෙපාර්තුමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියකු පැවසුවේය

ඉ න් අනතුරුව මාර්ග හා කර්මාන්ත අංශයේ සේවකයින් යොදවා පිලි පැන තිබෙන දුම්රිය පීලි ගතකොට දුම්රිය එම ස්ථානයෙන් ඉවත් කොට දුම්රිය මාර්ගය යළි යථා තත්තවයට පත්කිීරීමට නියමිත බවද පැවසුවේය.
මේ හේතුව නිසා කාර්යාල බලා ගමන් ගන්නා මගීන් දැඩි සේ දුෂ්කරතාවයට පත්වුහ . බොහෝ මගීන් වරු ගණන් දුම්රියයන් තුළට වී සිටීමට සිදුවීම හේතුවෙන් කාර්යාල වලින් රතුඉර වදින බවට මැසිවිලි නැගුහ.
