Spread the love

ලංගම වෘත්තීය සමිති හතක් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වේ.

මෙම පියවර ගෙන ඇත්තේ පෞද්ගලික බස් රථ සමඟ ඇති ඒකාබද්ධ කාලසටහන වහාම අවලංගු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සඳහා රජයට බලපෑම් කිරීමේ අරමුණෙනි.

මේ අනුව, මධ්‍යම රාත්‍රී 12න් පසු ලංගම බස් රථ ධාවනය නොවන අතර, සේවකයින් ද සේවයට වාර්තා කිරීමෙන් වැලකී සිටිනු ඇත.

ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් මෙම වර්ජනයට සම්බන්ධ වී සිටී.