නිමල් රාජපක්ෂ
අධ්‍යාපන සමුපකාර සමිතියේ සාමාජිකයන්ගේ දිනක වැටුප වශයෙන් රුපියල් මිලියනයක මුදලක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර තිබේ.
ඒ අනුව අධ්‍යාපන සමුපකාර සමිතියේ සභාපති එම්. ජී. පී. එල්. ලාල් කුමාර මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත අද (08) පස්වරුවේ පිළිගන්වනු ලැබීය.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය/ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ, අධ්‍යාපන සමුපකාර සමිතියේ ලේකම් ක්‍රිශාන්ත කවිකාර, උප ලේකම් සංගීත් ගයාන් එදිරිසිංහ යන මහත්වරු ඇතුළු අධ්‍යාපන සමුපකාර සමිතියේ සෙසු නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
