නිමල් රාජපක්ෂ
පරිසරයට අධික ලෙස විෂ දුම් මුදාහරිමින් ධාවනය වන වාහන හඳුනාගැනීම සඳහා නවීන තාක්ෂණයෙන් සන්නද්ධ විශේෂ ඡායාරූප ඒකකයක් (Emission Eye Unit – Vehicle Emission Eye Unit) ස්ථාපිත කිරීමට වාහන වායු විමෝචන භාරකාර අරමුදල පියවර ගෙන ඇත.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන මෙම ඒකකය මගින් මාර්ගයේ ධාවනය වන වාහන රහසිගතව නිරීක්ෂණය කර, ඒවායේ දෘශ්‍ය දුමාරය (Visible Smoke) පදනම් කරගනිමින් ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක කිරීම මෙහි විශේෂත්වයයි.
ඡායාරූපයෙන් කොටුකරන “Emission Eye” ’ මෙහෙයුම වාහන වායු විමෝචන භාරකාර අරමුදල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අංශයක් බවට පත්වීමෙන් පසු මාර්ගස්ථ වැටලීම්වල පැවති මන්දගාමී ස්වභාවය ඉවත් කරමින් මෙම ‘ “Emission Eye” ඒකකය හඳුන්වා දී තිබේ. දිවයිනේ ප්‍රධාන නගර ආවරණය කරමින් මෙම “Emission Eye” ඒකකයේ නිලධාරීන් මාර්ගයේ උපායශීලී ස්ථානවල රැඳී සිටිමින් අධික ලෙස දුම් පිටකරන වාහන ඡායාරූපගත කරනු ලබයි.
එම ඡායාරූප සාක්ෂි පදනම් කරගනිමින් අදාළ වාහන හිමියන් වෙත එදිනම නඩත්තු නියෝග (Maintenance Orders) නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.
