Spread the love

රට පුරා පළාත් පාලන ආයතනවල විරුද්ධ පක්ෂ සභිකයන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳ පැහැදී ඊට සහයෝගය ලබාදීමට එකතු වෙමින් ඇතැයි නි. අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

ඔවුන් සජිත් නාමල් ඉහළින් ලබා දෙන නියෝගවලට අනුව නොව තම හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීමට පෙළඹ ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.

ඒ හැර ආණ්ඩුවට කිසිදු දේශාපලන පක්ෂයක් සමග ඩීල් නොමැති බවත් තමන් සමග එකතු වන පුද්ගලයන්ට දූෂණ චෝදනා ඇත්නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද මහින්ද ජයසිංහ අවධාරණය කරයි.