නිමල් රාජපක්ෂ
කොන්ක්‍රීට් අඟලක් දාගන්න බැරි, තාර තාච්චියක් පාරට දාගන්න බැරි, බස් එකක් පාරට දාගන්න බැරි රටක් තමයි අපි බාරගත්තේ. රටේ ආර්ථිකය වගේම නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම බිඳ වට්ටලා තිබුණේ. එහෙම රටක් තමයි “පුනරුදයට මඟ “යටතේ මේ මාස 10 කින් අපි කෙලින් කරලා, ආර්ථිකය ස්ථාවර කරලා, සංවර්ධන ව්‍යාපෘති පටන් අරන් තිබෙන්නේ. මේ වනවිට ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා. තව නොබෝ දිනකින් කඩවත – මීරිගම අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ වෙනවා. රඹුක්කන – ගලගෙදර අධිවේගී මාර්ගයත් ආරම්භ කිරීමට බලාපොරාත්තු වෙනවා. මේ ආකාරයෙන් දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති රාශියක් ආරම්භවී තිබෙනවා. මේ ආණ්ඩුවේ සංදර්ශන නෑ. සංවර්ධන කටයුතු විතරයි. මේ වනවිට සංචාරක ආදායම, විදේශ ප්‍රේශණ, අපනයන ආදායම, සෘජු විදේශ ආයෝජන ආදියෙන් රට මේ වනවිට ආර්ථික වශයෙන් ස්ථාවර තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ. ඒ ගැන කිසිම සැකයක් නෑ. ඒ නිසා මේ ආණ්ඩුව පෙරලන්න හිතන්නවත් එපා. යැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මෙම අදහස් දක්වන ලද්දේ, වසර ගණනාවකට ප්‍රථම මෙරටට ගෙන්වනලද චෝගම් බස් රථ 35 ක් අතරින්, අලුත්වැඩියාවට ලක්කළ බස් රථ 9 ත් ධාවනයට ඒක් කිරීමේ අවස්ථාවට ඒක්වෙමිනි. අද (18) පෙරවරුවේ කටුබැද්ද අධි සුඛෝපභෝගී සංචාරක ඩිපෝවේ නඩත්තු අංශයේ පැවති මෙම අවස්ථාවට, ශ්‍රී ලංගම සභාපති ජීවක පුරසිංහ මහතා ප්රමුඛ කටුබැද්ද අධි සුඛෝපභෝගී සංචාරක ඩිපෝවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
මෙම අලුත්වැඩියා කරන ලද බස් රථ 09 වෙනුවෙන් රු. ලක්ෂ 375 ක් පමණ වැයවී තිබෙන අතර තවත් බස් රථ 36 ක් අළුත්වැඩියා කිරීම සඳහා ඉතිරි වී තිබේ. එම බස් රථ වෙනුවෙන්ද අමතර කොටස් ගෙනඒමට අවහ්‍ය මූලික පියවර මේ වනවිට ත්‍රියාත්මක කර ඇති අතර ඉදිරි මාස 03 ක් වැනි කාලයක් තුලදී ඒවාද අලුත්වැඩියා කර ධාවනයට එක්කිරීමට හැකි වෙතැයි බලාපොරොත්තු වේ.
