Spread the love

නිමල් රාජපක්ෂ
අවුරුදු සමයේ කැකිරාව , තඹුත්තේගම , තඹුත්තේගම,ගෝනපතිරාව හා කලාඹය යන ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුම් වලින් නිති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත සැකකරුවන් 17 දෙනෙකු සමගින් රුපියල් ලක්ෂ හතරක් විට මත්පැන් තොගයක් අනුරාධපුර සුරාබදු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බි.එන්.ඒ පේමරත්න මහතා දියත් කල අවුරුදු ගහන වැඩ සටහනට සමගාමීව මේ මස 2 දින සිට 12 දක්වා සිදු කල සෝදිසි මෙහෙයුම් දියත් කොට තිබේ.
එහිදි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 7 ක්, බලපත්‍ර නොමැතිව බියර් අලෙවි කළ ස්ථාන 5 ක් හා කසිප්පු ලඟ තබාගෙන සිටි සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර සුරාබදු ස්ථානාධිපති අජිත් වර්ණකුලසුරිය මහතා පවසයි.
මෙහිදි අත්අඩංගුවට ගත් සැකකරුවන් සුරාබදු ඇපමත මුදාහැර ඇති අතර ඉදිරියේදී අනුරාධපුර ,නොච්චියාගම , තඹුත්තේගම හා කැකිරාව යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
උතුරු මැද පලාත භාර සහකාර සුරාබදු කොමසාරිස් නාලක මලවිපතිරණ මහතාගේ උපදෙස් මත, අනුරාධපුර සුරාබදු අධිකාරී කලාරසික විජේසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ , අනුරාධපුර සුරාබදු ස්ථානාධිපති අජිත් වර්ණකුලසුරිය මහතාගේ අධීක්ෂණය යටතේ , සුරාබදු පරික්ෂක ධර්මසේන, සැරයන් මේජර් ජයසුන්දර ,කෝප්‍රල්වරුන්වන ප්‍රියන්ත ,දිනේෂ් ,නියාමකවරුන්වන පාලිත,චරිත්, රියදුරු ප්‍රභාත් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.