Spread the love

නිමල් රාජපක්ෂ-

උත්සව සමයේ මත්පැන් මිල අඩුවන බවට කිසිදු ප්‍රකාශයක් සුරාබදු දෙපාර්තුමේන්තුව මගින් සිදුකර නොමැති බවත් එවැනි අසත්‍ය ප්‍රකාශ සිදුකරන්නන්ට ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසයි.
දිවයින පුරා මත්පැන්මිල අඩුවන බවට සිදුකළ අසත්‍ය ප්‍රකාශය නිසා සිල්ලර වෙළදුන්ගේ මත්පැන් ඉල්ලුම අඩුවීම හේතුවෙන් මත්පැන් නිෂ්පාදනාගාරවල මත්පැන් තොග ගොඩ ගැසිී ඇතිබැවින් උත්සව සමයේ විශාල වශයෙන් බදු ආදායමක් අහිමි ඇතැයිද ගුණසිරි මහතා පැවසුවේය.
නමුත් මෙවැනි අසත්‍ය ප්‍රචාරයක් නැවත වතාවක් සිදු කළහොත් අලුතින් තිබෙන පනත යටතේ, අපරාධ නිතිය යටතේ කටයුතු කරන බවත් ,මෙවැනි අසත්‍ය ක්‍රියාවන් තරයේ හෙලා දකින බවත් එම්.ජේ ගුණසිරි මහතා වැඩිදුරටත් පැවසුවේය .

තව දුරටත් අදහස් දැක්වු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වවරයා ,