Spread the love

ආදායම සාධාරණ ලෙස බෙදීයන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආසියානු රටවලින් ඉල්ලා සිටියේ ය.

ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික සම්මන්ත්‍රණය, චීනයේ හයිනාන් නුවර දී ඇමතූ අග්‍රාමාත්‍යවරයා “ චීන ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping) ගේ දක්ෂ නායකත්වය යටතේ මිලියන සංඛ්‍යාත ජනතාවක් දරිද්‍රතාවෙන් උසස් ජීවන තත්ත්වයකට ඔසවා තැබීමේ චීන ආශ්චර්යවත් සාර්ථකත්වයේ කතාව” පැසසුමට ලක් කළේය. දිළිඳුකමේ ගැටලුවට මුහුණ දෙන අනෙකුත් රටවල් සඳහා එම සංකල්පය තව දුරටත් මාර්ගයක් වන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.