කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලාශය පහළ පිහිටි බුලත්සිංහල, අගලවත්ත, පරගොඩ සහ මෝල්කාව යන ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ අතර පවතින අධික වර්ෂාපතනයත් සමග දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි.
දැනට පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් අදහස් දක්වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා,”කුඩා ගඟ දෙපස සිටින ජනතාව තවදුරටත් විමසිලිමත්ව සිටීම ඉතාමත් වැදගත් වෙනවා. වර්ෂාපතනය අධිකව ලැබිලා තියෙනවා. මිලිමීටර් 200 ඉක්මවූ වැසි. මේ හේතුවෙන් නායයෑමේ ලක්ෂණ පිළිබඳව විමසිලිමත් වෙන්න. විශේෂයෙන් පවතින වැසි සහිත තත්ත්වය සමගම මඩ වතුර සහිත දිය උල්පත් ඇතිවීම සහ සමහර අවස්ථාවලදී සිඳී යාම් ආදී කරුණු කාරණා පිළිබඳව අවධානයෙන් පසුවන්න.”
පහත දැක්වෙන් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය අද (17) පස්වරු 4 සිට හෙට (18) පස්වරු 4 දක්වා වලංගු වෙයි.
අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)
ගාල්ල දිස්ත්‍රික්කය: – යක්කලමුල්ල, – ඇල්පිටිය , – නාගොඩ ් – නෙළුව-කළුතර දිස්ත්‍රික්කය: – මතුගම , – හොරණ, – ඉංගිරිය, – බුලත්සිංහල-කෑගල්ල දිස්ත්‍රික්කය:– දෙහිඹ්විට, – දැරණියගල,- වරකාපොළ, – බුලත්කොහුපිටිය –මාතර දිස්ත්‍රික්කය: – පිටබැද්දර- රත්නපුර දිස්ත්‍රික්කය: – කලවාන,- රත්නපුර,- ඇලපාත,- කුරුවිට,- ඇහැළියගොඩ,- නිවිතිගල
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)
කොළඹ දිස්ත්‍රික්කය: – සීතාවක-කළුතර දිස්ත්‍රික්කය: – වලල්ලාවිට,- පාලින්දනුවර,- අගලවත්ත,- දොඩංගොඩ-කෑගල්ල දිස්ත්‍රික්කය:– යටියන්තොට,- කෑගල්ල-මාතර දිස්ත්‍රික්කය: - අතුරලිය,රත්නපුර දිස්ත්‍රික්කය යේ ජනතාව අවධානයෙන් සිටින්න
