Spread the love

නිමල් රාජපක්ෂ
ආබාධ සහිත පුද්ගලයින් සදහා විශේෂ ආධාර උපකරණ මිලදි ගැනීම සදහා රජය මෙතෙක් ගෙවු රුපියල් විසිදහසක මුදල රුපියල් පනස්දහස දක්වා වැඩි කර ඇතැයි ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ ඇමති ආචාර්ය උපාල පන්නිලගේ පවසයි.
රාජ්‍ය නිලධාරීන් සදහා සංඥාභාෂාව අතිරේක විෂයක් ලෙස ස්ථාපනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම ,ආබාධ සහිත භාවය පිළිබද සකස් කරන ලද වර්ගීකරණය සදහා සභාවේ අනුමැතිය ලබා දීම, වෙබ් අඩවි පරිශීලනයට ප්‍රවේශ පහසුකම් සහිතව නිර්මාණය කිරීම යන තීරණ ආබාධ සහිත පුද්ගලයින් සදහාවන ජාතික සභාව තීරණය ගනු ලැබූ බවද උපාලි පන්නිලගෙ ඇමතිවරයා පැවසුවේය.