Spread the love


නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකාව අබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ පාර්ශව රාජ්‍යක් ලෙස ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා කැපවී සිටින බව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි.
ඇමතිවරයා එසේ පැවසුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් වෙනුවෙන් වන පාර්ශව රාජ්‍යන්ගේ 18 වන සැසිය (COSP18)මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්තානයේ පැවැත්වෙන සැසියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමිණි.එම සැසියේ සැසියේ සභාපතිත්වය දරණ්නේ ශ්‍රී ලංකාවයි. එ අනූව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සැසියේ සභාපතිවරයා ලෙස සභාව අමතණු ලැබීය.

එහිදී ඒ මහතා සඳහන් කළේ,
ශ්‍රී ලංකාව අබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ පාර්ශව රාජ්‍යක් ලෙස ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා කැපවී සිටින බවයි. එමෙන්ම ආබාධ සහිත පුද්ගලයන් ඇතුළු සමාජයේ සියළු කොටස්වල අන්‍යෝන්‍ය ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජයක් ලෙස බැඳී සිටින බවද මෙහිදි සදහන් කළේය.
එහි පළමු පියවර ලෙස ජාතික ලැයිතු මන්ත්‍රී ධූරයක් ආබාද සහිත පුද්ගලයෙකුට පිරිනමමින් රාජ්‍ය පාලනයේ කොටස්කරුවන් ලෙස ආබාධ සහිත පුද්ගලයන් පත් කිරීමට කටයුතු කර තිබෙනවා. ප්‍රධාන වශයෙන් එක්සත් ජාතීන්ගේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ එකඟතාවයන්ට අනූව අබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ නව පනතක් මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බවත්, සංඥා භාෂාව පිළිබඳ පනත් කෙටුම් පතක්ද ක්‍රියාත්මක වෙමින් පවතින බව ඒ මාහතා සඳහන් කළේය.
එමෙන්ම ජාත්‍යන්තර රෙගුලාසි වලට අනූව වර්ථමානයට ගැලපෙන ආකාරයෙන් ප්‍රවේශ රෙගුලාසි සමාලෝචනය කරමින් පවතින බවත්, විශේෂයෙන් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් සඳහා ගෝලීය ප්‍රමිතිකරනයන් හා පරිනාමනය වන අවශ්‍යතා හඳුනාගනිමින් ජාතික ආබාධිත ප්‍රතිපත්තීන් යාවත්කාලීන කරමින් සිටින බවද ඒ මහතා සැසිය අමතමින් වැඩිදුරටත් සඳහන් කළේය. මෙම සැසිය ලබන 12 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි