Spread the love

‘වාරි මහිම අපේ උරුම’ වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ උස්ගල සියඹලන්ගමුව මහවැව ඇල වේලි පද්ධතිය ප්‍රතිසංස්කරණ වැඩකටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය 2025.08.16 දින මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය කේ.එම්. ආනන්ද විජේපාල මහතා හා කෘෂිකර් ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්නකෝන්, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් හා මන්ත්‍රීවරුන්, ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් තුමන්, කුරුනණෑගල දිස්ත්‍රික් වාරි මාර් ග අධ්‍යක්ෂක, දිස්ත්‍රික් ප්‍රධාන ඉන්ජිනේරු, මහවැලි- H නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයා හා අදාල රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් උස්ගල සියබලන්ගමුව මහවැව පරිශ්‍රයේදී පැවැත්විණි.

වසර 40ක පමණ සිට මහා පරිමාණ ඇල වේලි පද්ධතිය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර නැති උස්ගල සියඹලන්ගමුව මහවැව ඇල වේලි පද්ධතිය ප්‍රතිසංස්කරණ වැඩකටයුතු රුපියල් ලක්ෂ පිරිවැයක් යොදවා වාරි මාර් ග දෙපාර් තමේන්තුව මගින් සිදුකිරීමට නියමිතය.