අද (29) මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි, ඉන්ධන වර්ග කිහිපයක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත..
මිල වැඩි වීමත් සමගින් , ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 414 ක් වෙයි
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 382කි..
ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදුකර නොමැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් පැවසුවේ.

.
