Spread the love

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගතව යුතුව ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍යංශය පවසයි

එම ක්‍රම වේදය අද (15) උදෑසන 06.00 සිට ක්‍රියාත්මක කරන අතර දිවයිනේ සියලු ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී මෙම QR කේතය භාවිත කළ යුතුව ඇති බවත් QR කේතය නොමැතිව ඉන්ධන ලබා නොදෙන බවද බලශත්ති අමාත්‍යංශය පවසයි.

QR කේතය ලබා ගැනීමට වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට  https;//fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් මෙම  QR කේතය භාගත කළ හැකිය.

QR කේතය  ලබා ගන්නා ආකාරය සම්පූර්ණයෙන් පහතින්

පෙර QR කේතය ලියාපදිංචි කළ අය:i. වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම්, (14) මධ්‍යම රාත්‍රියේ සිට  https;//fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබට හිමි කේතය භාගත (Download) කරගත හැකියි.

ii.වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී ඇති නම්,(15) දින උදෑසන 6.00 සිට https://fuelpass.gov.lk වෙබ් අඩවියෙන් ඔබ නැවත ලියාපදිංචි විය යුතුය.

02. පෙර QR කේතය ලියාපදිංචි නොකළ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV ) අලුතින්ම ලියාපදිංචි කරන ලද වාහන:

i. 2026.03.15 දින උදෑසන 6.00 සිට  https;//fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබ ලියාපදිංචි විය යුතුය.

පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන නිකුත් කරන බවද බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

 ඒ අනුව එක් එක් වාහන සදහා ඉන්ධන නිකුත් කරණ ප්‍රමාණයන් පහතින් දැක්වේ