උතුරු ඊශ්‍රායලයට අද (02) එල්ල වූ ප්‍රහාරයක් අතර තුර කඩවත ප්‍රදේශයේ 43 හැවිරිදි ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් සුළු තුවාල ලබා ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
අදාළ කාන්තාව රෝහල් ගත කර තත්ත්වය බරපතළ නොවන බැවින් වෛද්‍යවරු විසින් නැවත ඇය පදිංචි ස්ථානය වෙත යොමු කළ බවද තානාපතිවරයා පැවසුවේය.
එම නිවසට ප්‍රහාරවලින් හානි සිදුව ඇති බැවින් ඇය වෙනත් ස්ථානයකට පදිංචියට ගිය බවද නිමල් බණ්ඩාර මහතා කියා සිටියේය.
