Spread the love

.

නිමල් රාජපක්ෂ

ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකාවට ලබදෙන රැකියා අවස්ථාවන්හි පවතින ගැටළු පිළිබඳව විශේෂ සාකච්ඡාවක්  විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර  මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය දි අද පස්වරුවේ (9/01) පවත්වන ලදි.

මෙම අවස්තාවට ශ්‍රී ලංකා විදේශ සේවා  නියුක්ති කාර්යාංශය, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  හා   ඊශ්‍රායලයේ PIBA ආයතනයේ   නිලධාරීන් එක්වුහ.

ඊශ්‍රායලයේ හොටල් හා නිවාස ගෘහපාලන රැකියා  සඳහා ලොතරැයි මගින් තෝරා නොගත් 965 ක පමණ පිරිස සම්බන්ධයෙන් දැනට මතුවී ඇති ගැටලුකාරී තත්වය සලකා බලා එම අය නැවත ඊලඟ ලොතරැයියට ඇතුලත්කර ගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙස නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර  මහතා විසින් සාකච්ඡාවේ දි ඊශ්‍රායලයේ PIBA ආයතනයේ නිලධාරින්ගෙන් විශේෂ ඉල්ලීමක් කල කළේය .

එහිදී එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කරන බවත් ඔහුනට රැකියා ලබාදිම සම්බන්ධයෙන් නැවත මේ මොහොතට පමණක් අදාලවන ලෙස හෝ අවස්ථාවක් ලබාදීමට සාකච්ඡා කරන  බවත් PIBA  අයතනයේ නියෝජිතයන් සදහන් කරන ලදි.