උකුස්සකු ඹබර වදයකට එල්ල කළ ප්‍රහාරයකින් ඹබරුන් ඇවිසීමත් සමගින් දරුවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් පාසල් දරුවන් සිය නිවෙස් කරා රැගෙන යාමට දෙමාපියන් කටයුතු කළ පුවතක් එප්පාවල ප්‍රදේශයෙන් වර්තාවෙයි.
සිද්ධිය වී ඇත්තේ අද (25)පෙරවරුවෙයි. එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබදව පිහිටි ගුරු නේවාසිකාගාරයේ පිහිටි ගෙවත්තේ අඹ ගසක ඹබර වදයක් තිබී ඇත .
එම ඹබර වදයට උකුස්සකු එල්ල කළ ප්‍රහාරයකින් ඹබරුන් ඇවිස්සීම නිසා දරුවන් බේරා ගැනීම සදහා ආරක්ෂාකාරි පියවරක් ලෙස දෙමාපියන් දරුවන් නිවෙස් කරා රැගෙන ගොස් ඇතැයිද වාර්තාවෙයි.
