Spread the love


නිමල් රාජපක්ෂ-

උතුරු පලාතේ අඩු ආදායම්ලාභි නිවාස නොමැති පවුල් සදහා රුපියල් ලක්ෂ 45ක් වටිනා නව නිවාස පනස්දහසක් නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ජනාධිපතිතුමන් අවසර ලබා දී ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කිලිනොච්චි සංවර්ධන කමිටු රැස්වීමේදි ප්‍රකාශ කරන ලදි.

ජනාධිපතිතුමන් බලයට පත්වීමෙන් අනතුරුව උතුරේ ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසදීම සදහා නව නිවාස 25000ක් ඉදිකිරීමට අනුමැතිය ලබාදුන් බවත්, එතුමා සමග සාකච්ඡා කිරීමෙන් පසු එම ප්‍රමාණය 50000ක් දක්වා වැඩිකර ගැනීමට තමන්ට හැකි වු අතර ඉදිකිරීමට යෝජිත නව නිවාස සදහා සෝලා පවර් සවිකිරීමටද අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පැවසීය.