දිවයිනේ උතුරු ප්‍රදේශයට බලපා ඇති වියළි කාලගුණ තත්වය හේතුවෙන් පවුල් 8357 අයත් පුද්ගලයන් 25638 දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
වියළි කාලගුණය හේතුවෙන් කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්ක වලට දැඩි බලපෑම් එල්ලවී තිබේ.
ඒ අනුව එම දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02 පවුල් 1234ක් සඳහා පානීය ජලය බෙදා හැරීම සිදුකරන බව පැවසීය.
ඉන් පුද්ගලයන් 4204 දෙනෙකු සඳහා සෙත සැලසේ.
