නිමල් රාජපක්ෂ-
මඩකළපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උදයදේවී සීඝ්රගාමී දුම්රිය අද දින පෙරවරු 10.50 ට පමණ පළුගස්වැව හා කැකිරාව දුම්රිය ස්ථාන අතර පිලි පැනීමකට ලක්ව ඇත.
මෙසේ පීලි පැන ඇත්තේ දුම්රියේ එක් මැදිරියක රෝද කිහිපයකි. මේ වනවිට එම දුම්රිය පීලි ගත කිරිම සදහා සහන දුම්රියයක් එම ස්ථානයට ගොස් ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි.
