Spread the love

නිමල් රාජපක්ෂ

2011 වසරේ ආරම්භ කල මෙම උසාවි සංකීරණයේ වැඩ කටයුතු මෙම වසර වන විටත් අවසන් කිරීමට නොහැකි වීම අවාසනාවන්ත කරුණක්. එක් එක් දේශපාලන බල අධිකාරීන්ගේ ක්‍රියා කලාපයන් සහ මතිමතාන්තර නිසා ජනතාවගේ මුදල් නිකරුනේ නාස්ති වී ඇති බව අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේය.

අධිකරණ ඇමතිවරයා එසේ පැවුසවේ අද (.23)පෙරවරුවේ ගාල්ල බෙලිගහ හංදිය නව අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වු අවස්ථාවේදිය.
අනතුරුව ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ඉංජිනේරු මධ්‍යම උපදේශන කාර්යාංශය සහ අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත විය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අධිකරණ සංකීර්ණයේ ඉතිරි කටයුතු කඩිනමින් අවසන් කර ජූලි මස අවසන් වීමට පෙර නව උසාවි සංකීර්ණයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.

වර්තමාන රජයේ ක්‍රියාත්මක කරන වැඩසටහන් හරහා මින් ඉදිරියට එවැනි කටයුතු සිදුවීමට ඉඩ නොතබන බවද අමාත්‍යවරයා අවධාරණය කල අතර රජයේ ගොඩනැගිලි සකස් කිරීමේදී අනාගතයට සුදුසුවන පරිදි සකස් කිරීම පිලිබදවද සැලකිලිමත් වන ලෙස නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබීය.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හසාරා ලියනගේ මහත්මිය, අධිකරණ සහ ජාතික ඒකාබදධතා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු කුසුම් සුභසිංහ, ඉංජිනේරුමය කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී කළ්‍යාණි ද සිල්වා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ, ඉංජිනේරුමය කාර්යන් පිලිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට ඒක විය.
මෙම සාකච්ඡාවෙන් පසුව ගාල්ල බෙලිගහ හංදිය ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින නව නීතිඥ කාර්යාල සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ගාල්ල නීතිඥ සංගමයේ සභාපති ආසිරි ද සිල්වා මහතා සහ නීතිඥවරුන් පිරිසක් සමඟ අමාත්‍යවරයා සහභාගී විය.