බංකොලොත් වූ පොහොට්ටු පක්ෂයේ පිරිසකගේ කුමන්ත්රණයක් නිසා තමන්ට බන්ධනාගාරගත වීමට සිදුවූ බව රංගන ශිල්පිණි දමිතා අබේරත්න සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඇය පෙන්වා දෙන්නේ ඉරාජ් වීරරත්න ඩෑන් ප්රියසාද් ඇතුළු පිරිසක් මෙම කුමන්ත්රණයේ සිටින බවය.
ලක්ෂ තිහක මුදල් වංචාවක් කළ බවට තමන්ට චෝදනා එල්ල කරන පුද්ගලයා එය සිදු කරන්නේ ජනප්රියත්වය ලබාගැනීමට පමණක් බව ද ඇය කියා සිටී.
අරගලයෙන් පසු මෙම පුද්ගලයා තම නිවසට එවන ලද්දේ කිසියම් අයෙකුගේ සැලසුමක් අනුව බවට ද සැකයක් ඇතැයි ද පවසන ඇය තම සැමියාට එම පුද්ගලයා ඩුබායිහි බන්ධනාගාරයකදී මුණ ගැසී ඇති බවද එහිදී පිළිගනී.
අදාළ පුද්ගලයා ලවා තම දෙපා මසාජ් කරගත්තේ යැයි විමසූ විට ඇය සඳහන් කර තිබුණේ ‘පිස්සුද අයියේ ඔය වගේ ගඳගහන උරුලෑවෙක්ට කියල මගේ කකුල් මසාජ් කරගන්නව ද මං’ යනුවෙනි.
