ලෝකයේ අලුත් තත්ත්වයට ගැළපෙන ආකාරයේ ආර්ථික ප්‍රතිපත්තියක් ජාතික ජන බලවේගය මේ වන විට සකස් කරමින් සිටින බව එම පක්ෂයේ ජාතික විධායක සභික නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.
‘ජාතික ජන බලවේගය ලෝකයේ අලුත් තත්ත්වයට ගැළපෙන ආකාරයේ ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරමින් යනවා. අපේ ආර්ථික ඉලක්කය මේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන රටක් බවට පත් කිරීමයි.
ඒ සඳහා සැලසුම් සකස් කිරීම හා යටිතල පහසුකම් සැපයීම රජයක කාර්යභාරයයි. භාණ්ඩ නිෂ්පාදනයට පෞද්ගලික අංශ දායක කර ගැනීම ප්‍රමුඛ කාර්යයක්.
ඒ වගේම දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළ ඉලක්ක කර අපේ ආර්ථිකය අභිමුඛ කරගත් නිෂ්පාදන ආර්ථිකයක් අපිට තිබෙන්නේ.
නිෂ්පාදන ආර්ථිකය සැකසීමට ලෝකයේ ඕනෑම රටකින් ආයෝජන කැඳවීමට අපි සූදානම්.
සරලව කිව්වොත් අපේ ආර්ථිකය ඉලක්ක කර තිබෙන්නේ නිෂ්පාදනය ඉලක්ක කරලා. නිෂ්පාදනයට දායක වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම රජයේ ඉලක්කයයි’
