නිමල් රාජපක්ෂ
වත්තල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය එක්ව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී , නීති විරෝධීව මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබු ඖෂධ පෙති (Pregabalin Capsules) හත්ලක්‍ෂ හතලිස් හතර දහස් පන්සියයක (744500) තොගයක් රැගත් ලොරි රථයක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකරගැනීමට සමත්වී ඇත.
පසුගිය 2 දා මෙම මෙහෙයුම දියත් කර සැකකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත්වී තිිබිණ.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28ක් සහ 32ක් වන කල්පිටිය සහ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන තිබේ.
එම සැකකරුවන්, ඖෂධ පෙති තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
