Spread the love

නිමල් රාජපක්ෂ

තීරු බදු නොගෙවා මෙරට ගෙන්වු රුපියල් විසිපන් ලක්ෂයක් වටිනා විදේශීය සිගරැට් තොගයක් සමගින් එක් සැකකරුවකු කටුනායකදී පසුගියදා (7)මීගමුව සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් විදේශීය සිගරැට් තොගයේ සිගරැට් කාටුන් 75 තුළ සිගරැට් පහළොස් දහසක් තිබු බව මීගමුව සුරාබදු ස්ථානාධිපති ප්‍රියන්ත යාපා මහතා පවසයි.
විදේශීය සිගරැට් තොගය සමගින් අදාල සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් වරයා සැකකරුට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවන ලෙස නියමකොට ඇත.
ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතාගේ උපදෙස් මත, ජාඇල සුරාබදු අධිකාරී සංදීප ජයසංඛ මහතාගේ අධීක්ෂණය යටතේ , මීගමුව සුරාබදු ස්ථානාධිපති ප්‍රියන්ත යාපා මහතාගේ අධික්ෂණයෙන් සුරාබදු පරික්ෂක විජේසේකර ,ඹත්තුව සුරාබදු නියාමක 765 නුවන් ඉන්ද්‍රජිත් ,කෝප්‍රල්වරුන්වන දිස්නක , ඉන්දික ,නීල් , කපිල, රියදුරු අසංක යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.