Spread the love


නිමල් රාජපක්ෂ-
.

ශ්‍රී ලංකා යුධ හමුදා සුභසාධක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වරම් ලද දරුවන් වෙත ලැප්ටොප් පරිගණක ප්‍රධානය කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා ( 12 ) යුධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.

යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර එහිදි විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගත් උපාධි අපේක්ෂකයින් 57 දෙනෙකු සදහා ලැප්ටොප් පරිඝණක ලබාදෙන ලදී.

මෙහි අරමුණ වන්නේ දැනට සේවයේ නියුතු සාමාජිකයින්ගේ දරුවන් හට අත්‍යවශ්‍ය තාක්ෂණික සම්පත් ලබා දීමෙන් ඔවුන්ගේ ඉදිරි අධ්‍යයන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සහාය වීමයි.

මෙම අවස්ථාව සඳහා යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ප්‍රතිලාභී දරුවන්ගේ දෙමාපියන් පිරිසක් සහභාගී විය