Spread the love

නිමල් රාජපක්ෂ 

13 වන ආරක්ෂක සේවා කරාතේ තරගාවලිය පසුගියදා( 4 සහ 05 )දිනයන් තුළ යුද්ධ හමුදා සත්කාරකත්වයෙන් පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවත්වෙන ලදී.

යුද්ධ හමුදා කරාතේ ක්‍රීඩා කමිටුවෙහි සභාපති මේජර් ජෙනරල් ආර් ඩි සලේ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

එම තරගාවලිය තුළදී යුද්ධ හමුදා ක්‍රීඩකයින් අති විශිෂ්ඨ දක්ෂතාවයන් දක්වමින් පිරිමි අංශයෙහි රන් පදක්කම් 06ක් රිදී පදක්කම් 08ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් ලබා ඇති අතර පිරිමි බර පංති 07 න් බර පංති 06 ක ජයග්‍රහණය සහ මුළු ලකුණු 58 ක් ලබා ගනිමින් නොකඩවා සිව්වන වරටත් තරගාවලියේ ජයග්‍රහණය යුද්ධ හමුදාව වෙත අත්කර ගැනීමට සමත්විය.

කිලෝ ග්‍රෑම් 50ට අඩු කුම්තේ රන් පදක්කම් 19 වන ශ්‍රී ලංකා ආරක්ෂක බලමුළුවේ ලාන්ස් කෝප්‍රල් ප්‍රියර්දශන විසින්ද, කිලෝ ග්‍රෑම් 55ට අඩු කුම්තේ රන් පදක්කම 19 වන ශ්‍රී ලංකා ආරක්ෂක බලමුළුවේ මාණ්ඩලික සැරයන් බංඩාර විසින් ද, කිලෝ ග්‍රෑම් 60ට අඩු කුම්තේ රන් පදක්කම 08 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් ඩයස් විසින් හිමිකර ගන්නා ලදී.

තවද කිලෝ ග්‍රෑම් 67 ට අඩු කුම්තේ රන් පදක්කම ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ පළවන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් සිල්වා විසින්ද, කිලෝ ග්‍රෑම් 84ට අඩු කුම්තේ රන් පදක්කම දෙවන ස්වේච්ඡා පොදු සේවා බලකායේ සැරයන් කරුණාරත්න විසින්ද, කිලෝ ග්‍රෑම් 50ට අඩු කුම්තේ රන් පදක්කම පළමුවන යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මාණ්ඩලික සැරයන් වීරසිංහ විසින් දිනා ගන්නා ලදි.

වීඩියෝව නරඹන්න