නිමල් රාජපක්ෂ
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ සිදු කල ප්‍රෙව්ශපත්‍ර පරික්ෂාවකදි දුම්රියේ හොරට ගමන් කළ මගින් 35 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රවේශපත්‍ර පරික්ෂාව උදේ 6.00 සිට 9.00 දක්වා පැය තුනක කාලයක් සිදු කල අතර එහිදි හොරට දුම්රියේ පැමිණ බම්බලපිටිය දුම්රිය ස්ථානයේ බැස කාර්යාල බලා ගමන් කල කාන්තාවන් 7 දෙනෙකුට කොටු කරගත් බව දුම්රිය ආරක්ෂක නිලධාරීන් පැවසුහ.
මෙහිදි අත්අඩංගුවට ගත් මගින් 25 දෙනෙකුගෙන් ඒ මොහොතේම රුපියල් 76 000/ දඩ මුදලක් අයකර ගැනීමට සමත්විය .
අනික් මගින් 10 දෙනට ඒ මොහොතේ දඩ ගෙවීමට මුදල් නොමැති බැවින් ඇපකර තබා ගොස් ඇතැයිද දුම්රිය ආරක්ෂක නිලධාරීහු පැවසුහ. බම්බලපිටිය දුම්රිය ස්ථානයේ පාර පැත්තට වෙන්න ආරක්ෂිත වැටක් නොමැති කමින් ප්‍රවේශපත්‍ර පරික්ෂා කිරිමේදීදැඩි පරිශ්‍රමයක් දරන්නට සිදුවී තිබිණ.
දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත , දුම්රිය මුලස්ථාන පරීක්ෂක සුසිල් ප්‍රේමලාල් මහතාගේ අධීක්ෂණය යටතේ , කොටුව දුම්රිය මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී පාලිත පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් අනික් සේවා ස්ථාන වල නිලධාරීන් හා නිලධාරිනියන් තිස් දෙනෙකුගේ සහාය ඇතිව මෙම වැටලීම සිදු කළහ.
