Spread the love

නිමල් රාජපක්ෂ

කළුතර දිස්ත්‍රික්කයේ මෙන්ම අවට දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාවට කාර්යක්ෂම සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීම ප්‍රමුඛ අරමුණ කරගනිමින් කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ අලුතින් ස්ථාපිත කරන ලද අති නවීන තාක්ෂණයෙන්යුත් (CT Scan) සීටී ස්කෑන් යන්ත්‍රය සහ රෝහලේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් රෝගී ප්‍රතිකාර සහ සත්කාර සේවාවන් සදහා එක් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පෙරවරුවේ එම රෝහල් පරිශ්‍රයේ දී සිදුවිය.

කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ ස්ථාපිත කරන ලද මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් (CT Scan) සීටී ස්කෑන් යන්ත්‍රය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වැයකරන ලද මුදල රුපියල් මිලියන 200 කි.