Spread the love

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව නාවික හමුදාව මඟින් ගාල්ල කරාපිටිය රෝහල් පරිශ්‍රය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 2026 මාර්තු මස 02 වැනි දින එම රෝහල් පරිශ්‍රයේදී සිදුකෙරිණි.

ඒ අනුව, මෙම වැඩසටහන මඟින් කරාපිටිය ජාතික රෝහල් පරිශ්‍රයේ එක්රැස්වී තිබූ පොලිතීන්, කඩදාසි ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරීමටත්, නිසි ලෙස පරිසරයට හානි නොවන ලෙස බැහැර කිරීමටත් නාවික හමුදාව විසින් රෝහල් කාර්ය මණ්ඩලයේද සහයෙන් කටයුතු කෙරිණි.