දේවින්ද පිණිදිය
· WHO නිර්දේශය පරිදි පුද්ගලයෙකු නිරෝගීව සිටීමට වසරකට සීනි කිලෝග්රැම් 10 ක් පමණක් භාවිත කළ යුතු වුව ද මෙරට එක් පුද්ගලයෙකු වසරකට සීනි කිලෝග්‍රෑම් 34 ක් භාවිතා කරන බවට අනාවරණය වෙයි.
ඒ අනුව මෙරට 05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය – 2026 මාර්තු 10 වන දින ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සැළසුම් කර ඇත.
විවිධ රට වල මුඛ සෞඛ්‍ය තත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා වසර 10 කට වරක් වත් ජාතික මට්ටමේ මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් සිදු කල යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization) නිර්දේශ කර ඇත.
ඒ අනුව මාර්තු මස 10 දින සිට සිට නොවැම්බර් මස දක්වා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පාසැල් සිසුන්ගේ හා වැඩිහිටි වයස් කාණ්ඩ වල අහඹු ලෙස තෝරා ගත් 10,000 ක නියැදියක දත්ත එකතු කිරීම කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සැළසුම් කර ඇත.
මෙහිදි පාසල් ළමුන්ගේ දත්ත පාසල් පරිශ්‍රයන් තුළ දී මෙන්ම වැඩිහිටියන්ගේ දත්ත නිවෙස් වෙත ගොස් ලබා ගැනීමට නියමිත අතර, එහිදි මුඛ සෞඛ්‍යයට අදාල ප්‍රශ්ණාවලියක් සම්පූර්ණ කර ගැනීමටත්, මුඛ සෞඛ්‍ය පරීක්ෂාවක් සිදු කිරිමත් නියමිතය.
මෙම සමික්ෂණයේ දී ලබාගන්නා දත්ත ඉදිරි සේවා සැළසුම් කිරිමට අතිශය වැදගත්වන බැවින් ඉහත සමීක්ෂණ කටයුතු සඳහා නිවෙස් වෙත සහ පාසල්වෙත පැමිණෙන වෛද්‍ය කණ්ඩායම් සඳහා උපරිම සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජාතික මුඛ සමීක්ෂණය සාර්ථක කරගැනීම සඳහා මහජන සහයෝගය ලබා ගැනීමේ අරමුණින් මාධ්‍ය හරහා ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී අද (06) පෙරවරුවේ පැවැති අතර, මෙම මාධ්‍ය හමුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවත්ති හා ප්‍රචාරණ අංශය සහ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (දන්ත සේවා) අංශය එක්ව සංවිධාන කර තිබුණි.
මෙම අවස්ථාවට සම්පත් දායකයින් ලෙස සහභාගි වු නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (දන්ත සේවා)විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක, ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය 2026 ප්‍රධාන සමීක්ෂක විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක සහ ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ සම්බන්ධීකාරකවරුන් ලෙස විශේෂඥ වෛද්‍ය ධනුෂි වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය අමා නානායක්කාර යන මහත්ම මහත්මීන් ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය 2026 පිළිබඳව අදහස් දක්වන ලදි.
